ඉන්දු කාශ්මීරයේ ඇඳිරි නීතිය

Image caption කාන්තා මරණයක් සමඟයි ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ.

ඉන්දීය පරිපාලනය සහිත කාශ්මීරයේ බලධාරීන්, බුද්ගම් (Budgam) දිස්ත්‍රික්කයේ විශාල කලාපයක ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇත.කාන්තා මරණයකින් අනතුරුව ප්‍රාන්තයේ කලබලකාරී තත්වයක් පැතිර යාමත් සමඟයි, එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ.

කාන්තාවගේ මරණයට හේතුව පොලිස් භටයකු විසින් ඇයගේ හිසට පහර දීම යයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එම කාන්තාවගේ ඥාතීන් කියා සිටින්නේ,පහර දීම නිසා ලද තුවාල නිසා ඇය මරණයට පත් වූ බවයි.

වයස අවුරුදු පනස් පහක් වූ මරණයට පත් කාන්තාවගේ හිසට රයිෆලයෙන් පහර දුන් බවට චෝදනා එල්ල වෙන පොලිස් භටයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.

මේ අතර පාකිස්තාන් ආණ්ඩුව, ඉන්දීය හමුදා කිසිදු පූර්ව කුපිතකාරී ක්‍රියාවකින් තොර ව දේශ සීමාව ඔස්සේ වෙඩි තබමින් සිය සෙබළකු මරා දැමූ බවට ඉන්දියාවට චෝදනා කරයි .

ඉන්දියාව කියා සිටින්නේ පළමුව වෙඩි තබන ලද්දේ පාකිස්තාන් හමුදා භටයන් වන බවයි.