සිම්බාබ්වේ ජනාධිපතිවරණය සාමකාමියි

zimbabwe

සිම්බාබ්වේ ජනතාව ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබේ.

මෙය අප්‍රිකා මහාද්වීපයේ මහලුම රාජ්‍ය නායකයා වන ජනාධිපති රොබට් මුගාබේගේ අනාගතය තීන්දු කෙරෙන ජනාධිපතිවරණය වනු ඇතැයි සැලකේ.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල දිග පෝලිම් දක්නට ලැබෙන අතර,මේ දක්වා සාමකාමී තත්වයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණ නිරීක්ෂිකාවක් වන පේෂන්ස් ෂිරීමා පවසන්නේ,මැතිවරණ අක්‍රමිකතා සිදු කෙරෙනු ඇතැයි සැක පවතින බවයි.

දැනට අසූ වැනි වියේ පසුවෙන ජනාධිපති මුගාබේ 1980 දශකයේ පටන් ම සිම්බාවේ පාලනය කරන අතර,මෙම ඡන්දයෙන් පැරදුනොත් පදවියෙන් ඉවත්ව යන බවට ප්‍රතිඥාවක් දී සිටිනවා.

සිම්බාබ්වේ අගමැති මෝර්ගන් ට්ස්වාන්ගිරායි තුන්වැනි වතාවටත් රොබට් මුගාබේට අභියෝග කරමින් මෙවරත් ජනාධිපතිවරණය සඳහා තරඟ වැද සිටී.

මෙයින් අවුරුදු පහකට පෙර පැවැත්වුන ප්‍රචණ්ඩ ගැටුම් බහුල ජනාධිපතිවරණයකින් අනතුරුව බලය බෙදා ගැනීමේ පදනම මත පිහිටුවා ගන්නා ලද, ඉතා දුෂ්කර මට්ටමින් පවත්වා ගනු ලබන සභාග ආණ්ඩුවකට මුගාබේ සහ ට්ස්වාන්ගිරායි නායකත්වය දෙමින් සිටිති.