වෙනිසියුලාවේ විපක්ෂ නායක උසාවියේදීත් පරදී

අප්‍රේල් මාසයේ පැවති වෙනිසියුලානු ජනාධිපතිවරණ ප්‍රතිපලය ට එරෙහිව විපක්ෂ නායක එන්හී කැප්රිලෙස් (Henrique Capriles) කළ අභියෝගය එරට ඉහළම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විපක්ෂ නායකයා ජනපතිවරණයෙන් පරාජය වුයේ සුළු ඡන්ද සංඛ්‍යාවකින්.

නිකොලස් මදුරෝ (Nicolas Maduro) ගේ ජයග්‍රහණය මැතිවරණ වංචාවෙන් ගහන වූ බවට ඔප්පු කළ හැකි ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවූ බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ.

'දේශපාලන දඩයමක්'

සිය මැතිවරණ ව්‍යාපාරයේ දී අධිකරණයට අපහාස කරන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයා ට දඩයක් ද නියම කැරිණි.

මීට කලින් බලධාරීන් විසින් ඔහුගේ සමීප ආධාරකාර ඔස්කාර් ලොපෙස් (Oscar Lopez) අත් අඩංගුවට ගන්නා ලදී.

විපක්ෂය පවසන්නේ එය දේශපාලන දඩයමක් බවයි.

ඔහුට එරෙහි චෝදනා කවරේදැයි පැහැදිලි නැහැ.