පකිස්තානයේ දිවි දෙන බෝම්බ ප්‍රහාරයක්

නිරිතදිග පකිස්තානයේ ක්වෙටා නගරයේ පැවති පොලිස් භටයකුගේ අවමගුලේදී පිපිරවූනු මරාගෙන මැරෙන බෝම්බයකින් අඩුම වශයෙන් විසි නව දෙනකු මරුමුවට පත්වී පනහකට වැඩි පිරිසකට තුවාල සිදුවී තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ මියගිය වැඩි දෙනකු කලින් ප්‍රහාරයකින් මරා දැමුණු තම සගයාට අවසාන ගෞරව දක්වනු පිණිස පැමිණි පොලිස් භටයන් බව.

පොලිස් ප්‍රකාශක මීර් සුබයිර් මෙහමුද් කියා සිටියේ අවමගුල් උත්සවය ඇරඹීමට මද වෙලාවකට කලින් දිවි දෙන බෝම්බ කරු බෝම්බය පුපුරුවා ගත බවයි.

ක්වෙටා ප්‍රාන්තයේ පොලිස් මෙහෙයුම් ප්‍රධානියාත් මියගිය අය අතර සිටින බවයි නිලධාරීන් පවසන්නේ.