ඇෆ්ඝනිස්තානයේ ප්‍රහාරයකින් ඇමෙරිකානු සොල්දාදුවෝ මියයති

US soldiers in Afghanistan
Image caption මේ වසර තුල ඇමෙරිකානු සොල්දාදුවන් අට දෙනෙකු ඇෆ්ඝනිස්තානයෙදී මරුමුවට පත් වී තිබේ

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ දී කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මිය ගොස් ඇති බව නේටෝ සංවිධානයේ බලධාරීහු පවසති.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පකිස්තානු දේශ සීමාවට නුදුරු පක්තියා ප්‍රදේශයේදී.

කෙසේ නමුත් ප්‍රහාරය පිලිබඳ වැඩිදුර විස්තර නේටෝ බලධාරීන් මේ වන තුරු හෙළිදරව් කොට නැහැ.

ඇෆ්ගනිස්තානු යුද්ධයේදී මේ වසර තුල දී පමණක් විදේශ හමුදා භටයන් සියයකට අධික පිරිසක් මරණයට පත් වූ අතර ඉන් අට දෙනෙකු පමණ ඇමරිකානු සොල්දාදුවන්.