ඊශ්‍රායල ජනාවාසකරණයට විරුද්ධ නොවන්නැයි ඇමරිකානු ඉල්ලීමක්

ඇමරිකානු රාජ්‍යය ලේකම් ජෝන් කෙරී
Image caption ඇමරිකානු රාජ්‍යය ලේකම් ජෝන් කෙරී

බටහිර තීරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායලය විසින් කෙරෙන ඉදිකිරීම් වලට එරෙහි නොවන්නැයි පලස්තීන ජනතාව ගෙන් ඉල්ලා සිටී.

ඊශ්‍රායලය විසින් කර‍ ගෙන යන ජනාවාසකරණය නීති විරෝධී කටයුත්තක් සේ තමන් සලකන නමුත් අලුතින් නිවාස දොළොස් දහසක් ඉදිකිරීමට ඊශ්‍රායාලය කල නිවේදනය තමන් අපේක්ෂාවෙන් සිටි එකක් බව ඇමරිකානු රාජ්‍යය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළේය. හෙට ඊශ්‍රායල -පලස්තීන සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිත අතර සෑහෙන කාලයක් තිස්සේ රඳවා ගෙන සිටි පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ඊශ්‍රායල විසින් කටයුතු යොදා ඇත.