පිලිපීන බේරා ගැනීමේ මෙහෙයුමට කාල ගුණයෙන් බාධා

Image caption මගී නෞකාව මුහුදුබත් වී තිබෙන්නේ බඩු නැවක ගැටීමෙන්.

පිලිපීනයේ චෙබු (Cebu) නගරය අසල ඊයේ, සිකුරාදා රාත්‍රියේ මුහුදුබත් වූ ‘තෝමස් අකිනාස්’ නෞකාවේ ගමන් ගනිමින් සිටි මගීන් අතරින් දෙසීයකට පමණ සිදු වූ දෙයක් තවමත් දැන ගන්නට නොමැති බව වාර්තා වෙයි .

පවතින අයහපත් කාලගුණය බේරා ගැනීමේ මෙහෙයුමට බාධාවක් වී ඇති බවත් වාර්තා කෙරුණි.

මගී නෞකාව මුහුදුබත් වී තිබෙන්නේ බඩු නැවක ගැටීමෙන්.

හයසීයකට අධික මගීන් බේරා ගනු ලැබුන අතර, මළ සිරුරු තිහකට අධික සංඛ්‍යාවක් හමු වී ඇති බවත් වාර්තා කොට ඇත.

වෙරළාරක්ෂකයන්,යුද හමුදා යාත්‍රා,හෙලිකොප්ටර් සහ ගුවන් යානා ආදිය බේරා ගැනීමේ මෙහෙයුමට යොදා ගනු ලැබ ඇතත්, පිලිපීන නිලධාරීන් පවසන්නේ,සැඩ සුළඟ සහ මුහුදු රළ දරුණු වීම මගින් සිය උත්සාහය අඩාළ කරන ලද බවයි.

තවත් මගීන් නැව ඇතුළේ සිර වී සිටිනවා විය හැකි බවත් පිලිපීන නිලධාරීහු පවසති.

අවුරුදු පතාම පිලිපීනයෙන් මෙවැනි අනතුරු වාර්තා වෙන අතර, මුහුදු ප්‍රවාහන සේවාවන් අතින් එරට සතු වන්නේ අසතුටුදායක වාර්තාවකි.