මුගාබේ හත්වැනි වරටත් ජනාධිපති

  • 2013 අගෝස්තු 22

සිම්බාබ්වේ ජනාධිපති ලෙස රොබට් මුගාබේ යලිත් වරක් දිව්රුම් දීම හරාරේ අගනුවරදී සිදු විය.

හත් වැනි වතාවට රාජ්‍ය නායකයා ලෙස උත්සවාකාරයෙන් දිව්රුම් දුන් මුගාබේ දැක බලා ගැනීමට පැමිණි දහස් ගණන් ජනතාවගෙන් අගනුවර ප්‍රධාන ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගොස් තිබූ අතර, මෙම පිරිස ජනාධිපතිවරයාගේ රුව මුද්‍රණය කළ ටී ෂර්ට් වලින් සැරසී ජාතික කොඩි ලෙලවමින් ඔල්වරසන් නගමින් උත්සවයට සහභාගී වූහ.

ජනාධිපති මුගාබේගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන මෝර්ගන් සංගරායි විසින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සමක් විභාග කිරීම අවසන් වන තුරු උත්සවය අත්හිටවනු ලැබයි තිබුණේ.

මැතිවරණ දුෂණ

පුළුල් මැතිවරණ දුෂණ සිදු කෙරුණු බවට පෙත්සමෙන් ඉදිරිපත් කෙරුණු සියලු චෝදනා එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

අසූ නව වියේ පසුවන මුගාබේ, නිදහස් සිම්බාබ්වේ දේශයේ ප්‍රථම ජනාධිපති ධුරයට තේරී පත් වූයේ මෙයට තිස් තුන් වසරකට පෙරයි.