රජයේ සේවකයින් හය දෙනෙක් මරා දැමු බව තාලිබාන්වරු කියා සිටිති

afganisthan killed workers

ඇෆ්ගනිස්තානයේ ආණ්ඩුවේ ග්‍රාමීය සංවර්ධන වැඩ සටහනක සේවය කල රජයේ සේවකයින් හය දෙනෙක් මරා දැමු බව තාලිබාන්වරු කියා සිටිති.

හේරාත් පලාතේ ලෝක බැංකු වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වූ ග්‍රාමීය සංවර්ධන වැඩ පිළිවෙලක සේවය කල මෙම හයදෙනා බේරා ගැනීමට නිලධාරීන් ගත් උත්සාහය අසාර්ථක විය.

මෙම සේවකයින් ගේ හිසට වෙඩි තබා තිබුණි.

මේ අතරවාරයේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පකිටා පළාතේ ආණ්ඩුවේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් වල සේවය කල තවත් රියදුරන් හය දෙනෙකු ගේ මල සිරුරු හමු වී ඇත.

පකිස්ථානයේ සංචාරයක නිරත වී සිටින ඇෆ්ගනිස්තානු ජනාධිපති හමීඩ් කර්සායි මෙම ඝාතන හෙලා දැක ඇත.