සෞදි අරාබිය ගෘහස්ත වධ හිංසාව තහනම් කරයි

  • 2013 අගෝස්තු 28
A woman in Saudi
Image caption නව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ ප්‍රශ්න කරති

සෞදි අරාබිය ගෘහස්ථ වධ හිංසා තහනම් කෙරෙන නීති පැනවීමට පියවර ගෙන ඇත.

සෞදි අරාබිය එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි.

එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සැක පළ කොට තිබේ.

සෞදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව නීතිය අනුව වැරදි කරනු ලබන පුද්ගලයන් වසරක සිර දඬුවමකට හා ඩොලර් දහ තුන් දහසක දඩයකට යටත් කළ හැකි බවයි පැවසෙන්නේ.

සෞදි අරාබියේ මෙතෙක් බල පැවැත්වුන පිළිගැනීම වුනේ, ගෘහස්ථ හිංසනය පෞද්ගලික කාරණයක් වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර