චිලී විනිසුරුවෝ සමාව ඉල්ලති

  • 2013 සැප්තැම්බර් 5
Image caption හමුදා පාලක පිනෝචේ

චිලියේ විනිශ්චයකාරවරුන් පෙර නොවූ වීරූ ආකාරයේ සමාව ඉල්ලීමක් සිදු කොට තිබේ.

ඒ හමුදා පාලක ඔගස්ටෝ පිනෝචේ පාලනය පැවති 1973 සහ 1990 අතර කාල වකවානුවේ විනිසුරන් ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්.

හමුදා කුමන්ත්‍රණයේ හතළිස් වැනි සංවත්සරය යෙදෙන සැප්තැම්බර් එකොළොස් වැනිදා ට දින කීපයක් තිබිය දී නිකුත් කැරුනු ප්‍රකාශයෙන් කියවෙන්නේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම එවක නීති බලධාරීන් විසින් පැහැර හැර ඇති බවයි.

විශේෂයෙන්ම, පීඩාවට පත් බොහෝ දෙනා පිහිට පතා ආ කල ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ අවශ්‍යතාව නො තකා හැර ඇති බවත් නිවේදනයේ සඳහන්.

නිල සංඛ්‍යා ලේඛන අනුව චිලී හමුදා ආණ්ඩුව විසින් මරා දමා ඇති සංඛ්‍යාව තුන් දහසකට අධිකයි.