ලුතිනන් නිගාරා ඝාතනය කෙරෙයි

  • 2013 සැප්තැම්බර් 16

තුවක්කු කරුවකුගේ වෙඩි තැබීමට ගොදුරු ව සිටි දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජ්‍යේෂ්ඨතම පොලිස් කාන්තාව ප්‍රහාරයෙන් දවසකට පසු එම තුවාල නිසා මරණයට පත් විය.

ලුතිනන් නිගාරා නම් පොලිස් කාන්තාවට වෙඩි තබන ලද්දේ ලක්ෂාර් ඝා නගරයේ පොලිස් මූලස්ථානය අසල දී.

ලුතිනන් නිගාරා ,ගත වූ මාස කීපය ඇතුළත ඇෆ්ගනිස්තානයේ දී මරා දැමුණ තුන්වැනි පොලිස් කාන්තාවයි.

ලුතිනන් නිගාරා ඝාතනය ඇෆ්ගනිස්තානයේ සතුරන්ගේ ක්‍රියාවක් හැටියටයි, ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් විග්‍රහ කරන ලද්දේ.

තුන් මසක් ඇතුළත

තුන් මසක් ඇතුළත ඇෆ්ඝන් පොලිසියේ කාන්තා බලකාය මුළුමනින්ම විනාශ කර දමන බවට තාලිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි නම හෙළි නොකරන ඇෆ්ඝන් පොලිස් කාන්තාවක් බීබීසියට කියා සිටියාය.

ඇෆ්ඝන් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවන්හි නිරත කාන්තාවන්ගේ සමස්තය බලකායෙන් සීයට එකක් පමණයි.

මෑත දී පැවැත්වුන සාකච්ඡාවක දී ලුතිනන් නිගාරා කියා තිබුණේ, පොලිසියේ රැකියාවට තමා ආශා කරන අතර, කාන්තාවන් පොලිස් සේවයේ නිරත වීම ඉතා ම වැදගත් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර