යුද අපරාධ චෝදනා ලත් බංගලාදේශ නායකයකුට මරණ දණ්ඩනය

  • 2013 සැප්තැම්බර් 17

යුද අපරාධ වලට වරදකරු වී සිටින බංගලාදේශයේ ඉස්ලාමීය නායකයෙකුගේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මරණ දණ්ඩනය නියම කළේය.

ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ නායකයකු වන අබ්දුල් කාදර් මුල්ලා ට එරෙහි මුල් නඩු විභාගයේ දී ඔහුට පනවා තිබුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි.

දේශපාලන අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට බංගලාදේශ රජය යුද අපරාධ අධිකරණයක් පිහිටුවා ගෙන ඇති බවයි එම තීන්දුවෙන් අනතුරුව ජමාත් ඊ ඉස්ලාම් පක්ෂය කියා සිටියේ.

නමුත් වීදි බට දහස් ගණනක් වූ ජනතාව උද්ඝෝෂණය කරමින් කියා සිටියේ සිර දඬුවම් වෙනුවට මරණ දඬුවම ලබා දිය යුතු බවයි.

1971 බංග්ලාදේශ් නිදහස් සටන සමයෙහි සිදු කරන ලද ස්ත්‍රී දූෂණ, වධ හිංසාවන් සහ මිනී මැරුම් සම්බන්ධයෙනුයි, අබ්දුල් කාදර් මුල්ලා ට මරණ දඬුවම නියම කෙරුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර