ඊජිප්තු හමුදාව මුස්ලිම් සහෝදරත්වයට එරෙහි මෙහෙයුමක

  • 2013 සැප්තැම්බර් 19

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන්ගේ බළකොටුවක් ලෙස සැලකෙන කෙර්දාසා නගරයට ඊජිප්තු ආරක්ෂක හමුදාව හදිසි මෙහෙයුමක් සඳහා කඩා වැදුණි.

මෙහිදී ආරක්ෂක හමුදා සහ කැරලිකරුවන් අතර දරුණු වෙඩි හුවමාරුවක් ඇති විය.

මෑතකදී බලයෙන් පහ කළ ජනාධිපති මොර්සිගේ ආධාර කරුවන් වන, මුස්ලිම් සහෝදරත්වයේ නායකයන් සොයමින් ආරක්ෂක හමුදා ගෙන් ගෙට ගොස් සෝදිසි කරන බවයි වාර්තා වන්නේ.

කැරලිකරුවන් ලෙස සැක කෙරෙන පනස් පස් දෙනකු පමණ අත්අඩංගුවට ගත බව ඊජිප්තු බලධාරීහු කියා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර