කටාර්හි නේපාල ජාතික කම්කරුවන් හතළියකට වැඩි පිරිසක් මිය යති

  • 2013 සැප්තැම්බර් 26
nepal

කටාර්හි සේවය කරන නේපාල ජාතික කම්කරුවන් හතළියකට වැඩි පිරිසක් අගෝස්තු මාසය සිට මේ දක්වාවූ කාලය තුලදී මිය ගොස් ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත් වෙන ගාර්ඩියන් පුවත් පත විසින් හෙළිදරව් කොට ඇත.

මිය ගිය නේපාල ජාතික කම්කරුවන් 2022 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනය ඉදි කිරීමට සේවයේ යෙදවූ අයයි.

අධික උෂ්ණත්වයන් යටතේ නිසි පහසුකම් නොමැතිව තමන්ට සේවය කිරීමට සිදුව ඇති බව නේපාල ජාතික සංක්‍රමණික කම්කරුවන් කියා සිටින අතරවාරේ කටාර්හි කම්කරු බලධාරීන් කියා සිටින්නේ සංක්‍රමණික කම්කරුවන් ගේ සුභසාධනය ගැන තමන් දැඩි ලෙස විමසිලිමත් වන බවයි.

නේපාල ජාතික කම්කරුවන් ගේ මරණ පිළබඳව වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුවී ඇති බව ලෝක පාපන්දු සම්මේලනය කියා සිටින අතර මේ පිළිබඳව ලබන මාසයේදී ස්ව්ට්සර්ලන්තයේ සුරිච් නගරයේ දී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳව වැඩිදුර අවධානය කරන බව නිවේදනය කොට ඇත.