භූමි කම්පාව සිදුවූ ප්‍රදේශයට පකිස්තානු හමුදාව

  • 2013 සැප්තැම්බර් 26

තුන්සිය පනහකට ආසන්න පිරිසක් මරණයට පත් කරමින් නිරිතදිග පකිස්තානයේ ඇතිවූ භූමි කම්පාවෙන් අනතුරට පත්වී සිටින්නන් බේරා ගැනීම සඳහා පකිස්තානු හමුදාව එක්වී සිටිති.

බේරා ගැනීමේ කටයුතු පිළිබඳ ව විස්තර කළ ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශක බ්‍රිගේඩියර් මිර්සා කම්රාන් සියා කියා සිටියේ විශාලතම අභියෝගය වී ඇත්තේ අදාළ ප්‍රදේශයට ළඟා වීම බවයි.

පන්සීයකට අධික පිරිසක් මෙම භූමි කම්පාවට ගොදුරු වීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර