පාතාලයට හවුල් ග්‍රීක් දේශපාලකයා පොලිස් අත්අඩංගුවේ

  • 2013 සැප්තැම්බර් 28
Image caption අන්ත දක්ෂිනාංශික ගෝල්ඩන් ඩ්වෝන් පක්ෂයේ සාමාජිකයෙක් ග්‍රීක් කොමියුනිස්ට් පක්ෂයේ නායිකාවකට පහර දුන් අවස්ථාවක්

අන්ත දක්ෂිනාංශික ගෝල්ඩන් ඩ්වෝන් පක්ෂයේ නායක නිකෝස් මිකලෝලයිකස් (Nikos Michaloliakos)අත්අඩංගුවට ගත් බව ග්‍රීසියේ පොලිසිය නිවේදනය කර ඇත.

සාපරාධී කල්ලියක් පවත්වා ගෙන යාමේ චෝදනා යටතේයි නිකෝස් මිකලෝලයිකස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ග්‍රීසියේ නව නාසි පක්ෂයට හවුල් තවත් දහසය දෙනකුට අධික කණ්ඩායමක් රඳවා තබා ඇති බවත්,ඔවුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනකුත් සිටින බවත් ග්‍රීසියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

එම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඇතන්ස් නගරවාසීන් පොලිසියට ප්‍රශංසා කරන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

අත්අඩංගුවට ගැනීම් සිදු වුනේ වාමාංශික පක්ෂයක ක්‍රියාධරයකු සහ ගායකයකු මරා දමනු ලැබීමේ සිද්ධියකින් පසුව.

මෙයින් දවස් දහයකට පෙර සිදු කෙරුණ එම ඝාතන සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙන්නේ ගෝල්ඩන් ඩ්වෝන් පක්ෂයේ සාමාජිකයකු දෙසටයි.