වෙඩි ප්‍රහාරයකින් නයිජීරියාවේ සිසුන් පනහක් පමණ මරුට

  • 2013 සැප්තැම්බර් 29

නයිජීරියාවේ කෘෂිකාර්මික විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් සිසුන් පනස් දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

මෙම ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන බොකෝ හරාම් කැරලිකරුවන් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

එක පෙළට නිදන ඇඳන් තබා ඇති මෙම නේවාසිකාගාරයේ සිසුන් නිදා ගෙන සිටිය දී වෙඩි තබා ඇති බවයි නයිජීරියාවේ ආරක්ෂක බලධාරීන් කියා සිටියේ.

නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා බොකෝ හරාම් කැරලිකරුවෝ සටන් වැදී සිටිති.