ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොලරාව හයිටියට ආ හැටි (හඬ පටය)

කොලරාව හයිටියට ආ හැටි (හඬ පටය)

ලොව දිළිඳුතම රාජ්‍යයක් වූ හයිටියෙන්, වසර 2010 වන තුරු ම පසුගිය ශත වර්ෂය පුරාවට කොලරා රෝගය වාර්තා වී නැත.

නමුත් 2010 අග භාගයේ දී හයිටි රාජ්‍යය පුරා ව්‍යාප්ත වූ කොලරා වසංගතයට ලක්ෂ සංඛාත පිරිසක් ගොදුරු විය.

ඉන් මිය ගිය සංඛ්‍යාව අට දහසකට අධික බවයි වාර්තා වුණේ.

කොලරාව හිටි හැටියේ ම හයිටියට ආ හැටි සෙවීමට පරීක්ෂණ දියත් විය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සොල්දාදුවන් රඳවා සිටි කඳවුරක වැසිකිළිවලින් පිට වූ අප ද්‍රව්‍ය මේ කොලරා වසංගතයට මුල් වූ බවයි අවසානයේ දී හෙළි වුණේ.

වසංගතයෙන් මිය ගිය අයගේ ඥාතීන් වන්දි ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර ඇත.

චෝදනා ඔප්පු වුවහොත් ඩොලර් කෝටි ගණනක් වන්දි ගෙවීමට එක්සත් ජාතීනට සිදු වනු ඇත.