ඉරානය ලෝක බලවතුන් සමඟ සාකච්ඡා අරඹයි

මතභේදයට තුඩු දී තිබෙන ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව ඉරානය සහ ලෝක බලවතුන් සමඟ සාකච්ඡා ආරම්භ විය.

මුලික සාකච්ඡා වටයේදී ඉරානයේ ඉදිරි සැලසුම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා කියා සිටියේ.

නමුත් විසඳුමකට එළැඹෙන තුරු ඉරානයට පනවා ඇති සම්භාධක ඉවත් නොකරන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඉරානයේ නව ජනාධිපති හසන් රුහානි බලයට පත් වීමෙන් අනතුරුව මෙවැනි සාකච්ඡාවක් පැවැත් වෙන්නේ ප්‍රථම වතාවටයි.