මව් පුතු එක් කළ පච්චයක්

ළමා වියේදී ඉන්දියාවේ මුම්බායි නුවර ජනාකීර්ණ දුම්රියපොළකදී සිය දෙමව්පියන් මග හැරුණ ළමයෙක් වසර විසි හතරකට පසු යළි සිය පවුලේ සාමාජිකයන් හඳුනා ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

අවුරුදු විසි හතරකට පෙර එක්තරා දිනක දුම්රියකට පිවිසීමෙන් අනතුරුව දෙමව්පියන්ගෙන් වෙන් ව අතර මං වූ හය හැවිරිදි ගනේෂ් රඝුනාත් නම් දරුවා අනාථ නිවාසයක හැදී වැඩී ඇති අතර, තරුණ වියට පත් ඔහු පොලිස් සේවයට බැඳී මුම්බායි නගරයේයි රැකියාව කරමින් සිටියේ.

ඉන් අනතුරුව ගනේෂ් රඝුනාත්ගේ එකම අධිෂ්ඨානය වී තිබුනේ තම දෙමව්පියන් ඇතුළු පව්ලේ සාමාජිකයන් සොයා ගැනීමයි.

ගනේෂ් රඝුනාත්ට තිබුන එකම පිළිසරණ සිය මවගේ නම වන ‘මන්ඩා’යන වචනය ඔහුගේ දකුණු බාහුවේ පච්චයක් හැටියට කුඩාකල ම කොටා තිබීමයි.

ගනේෂ් රඝුනාත් එම පච්චය එකම පිළිසරණය කර ගනිමින්, සිය මව සොයා යමින් සිටි අතර එක්තරා නිවසක සිටි මහළු කාන්තාවකට සිය බාහුවේ ඇති පච්චය පෙන්වා කතාන්දරය කියද්දී එම මහළු කාන්තාව අඬා වැටෙන්නට වූවා ය

‘මන්ඩා’ නම් වූ ඇය ගනේෂ් රඝුනාත්ගේ මවයි.