ඉන්දීය විපක්ෂ රැළියකට බෝම්බ ප්‍රහාර

Image caption භාරතීය ජනතා පක්ෂයේ රැළියක්

භාරතීය ජනතා පක්ෂයේ රැළියකට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් හතර දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

බිහාර් ප්‍රාන්තයේ පට්නා නගරයේ පැවති විපක්ෂ රැළියේ පුපුරා ගිය බෝම්බ වලට හසුව විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර පුපුරා නොගිය බෝම්බ කිහිපයක් ද නිෂ්ක්‍රීය කළ බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි රැළිය ඇමතීමට නියමිතව සිටි අතර ඔහු දැකීම පිණිස දස දහස් ගණන් ජනතාව පට්නා නගර මධ්‍යයට රැස් වූ අවස්ථාවේ දීයි බෝම්බ පුපුරා ගොස් තිබෙන්නේ.