පකිස්තාන් තාලිබාන් නායකයා මරා දැමෙයි

නියමුවන් රහිත ඇමෙරිකානු යානයකින් එල්ල කෙරුණ ප්‍රහාරයකින් පාකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ නායක හකිමුල්ලා මෙහ්සුඩ් (Hakimullah Mehsud) මරා දැමුණ බව තාලිබාන් ව්‍යාපාරය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඇමෙරිකානු ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ වයඹ පකිස්තානයේදී.

හකිමුල්ලා මෙහ්සුඩ්ගේ නිවස සහ මෝටර් රථය ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ මිසයිල ප්‍රහාරයේ දී හයදෙනකු මරණයට පත්වී ඇති බවයි බීබීසියට වාර්තාවන්නේ.

එම ප්‍රහාරයේදී තාලිබාන් නායකයාගේ සහෝදරයාද මරණයට පත් වූ බව පකිස්තාන් වාර්තා මගින් පැවසෙයි.

තාලිබාන් ව්‍යාපාරය සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට වයඹ පකිස්තානයට සිය දූත මණ්ඩලයක් යවන බව පකිස්තාන් ආණ්ඩුව නිවේදනය කළ දිනයේමයි, එම ඇමෙරිකානු ප්‍රහාරය එල්ල කෙරුනේ.

තාලිබාන් කැරැල්ල මැඩලන බවට පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ප්‍රතිඥාවක් දී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර