සහරාවේ මරණ වෙනුවෙන් දින තුනක ශෝක කාලයක්

Image caption සහරා කාන්තාරයේ අතරමංව සිදු වූ මරණ සිය ගණනක් ගැන පසුගිය මාසවල වාර්තා විය.

සහරා කාන්තාරයේ අතරමං ව දිය පොදක් නැතිව මරණයට පත් වූවන් මුහුණ දී සිටි ඉරණම සම්බන්ධයෙන් තවත් සිත් කම්පා කරවන සුළු තොරතුරු ලැබෙමින් පවතී.

දැනට ප්‍රකාශයට පත් කොට ඇති ආකාරයට පිපාසයෙන් මරණයට පත් ව ඇති සහරා සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අනූවකට අධිකයි.

සංක්‍රමණිකයන් අතරින් දිවි බේරුන දාහතර හැවිරිදි දැරියක් බීබීසියට අදහස් දක්වමින්, කාන්තාරයේ දී මරණයට පත් සිය මව සහ සහෝදරියන් දෙදෙනාගේ සිරුරු තමාගේ ම අතින් වලක් සාරමින් වළලා දැමීමට සිදු වුන බවයි කියා සිටියේ.

ගමන් ගනිමින් සිටි වාහන අබලන් වීමෙන් අනතුරුව දැවෙන හිරු රැස් වලින් පීඩා විඳිමින් තම කණ්ඩායම අනාථව සිටියදී, සහරාව හරහා ධාවනය වූ කිසිම වාහනයක් නතර නො කළ බවත් ෂාපා නම් එම දැරිය කියා සිටින්නීය.

“ආහාර හෝ දිය පොදක් නැතිව සහරා කාන්තාරයේ අතරමං වී සිටි අපි දවස් දෙකකට පසුවයි පා ගමන ආරම්භ කළේ. අප පසුකර යන වාහනවලට අත පෑවත් ඒ කිසිම වාහනයක් අපට පිහිට වීමට නතර කළේ නැහැ”යි ෂාපා පවසන්නීය.

සහරා කාන්තාරයේ අතරමං ව මරණයට පත් ජනතාව වෙනුවෙන් නයිගර් රාජ්‍ය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර