තවිෂ පීරිස් ඝාතනය ගැන දෙදෙනෙක් අත් අඩංගුවේ

තවිෂ ලකිඳු පීරිස්
Image caption ෂෙෆීල්ඩ් හලම් සරසවියේ උපාධිය අවසන් කළ තවිෂ තාවකාලික රැකියාවක නිරත විය

බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් නගරයේදී මරා දැමුණ තවිෂ ලකිඳු පීරිස් ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් විසි පස් හැවිරිදි පුද්ගලයකු සහ දාහත් හැවිරිදි තරුණයකු සැක පිට වෙන වෙනම අත් අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ෂෙෆීල්ඩ් හලම් (Shefield Hallam) සරසවියේ උපාධිය අවසන් කළ විසිපස් හැවිරිදි තවිෂ ලකිඳු පීරිස්, පිට්සා (Pizza) සමාගමක රැකියාවක නිරත ව සිටියේය.

තමන් ලද අවසන් ඇණවුම අනුව පීසා රැගෙන ගිය ඔහු ඉකුත් ඉරිදා සිය මෝටර් රථය තුළ දීම පිහියෙන් ඇන ඝාතනය කොට තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර