ජපන් - රුසියානු යුද හමුදා සහයෝගිතාවක්

  • 2013 නොවැම්බර් 2

දෙරට අතර යුද හමුදා සහයෝගීතාව ඇති කිරීමට රුසියාව සහ ජපානය එකඟ වෙයි.

තෝකියෝ නගරයේ පැවැත්වුන සාකච්ඡා වලින් අනතුරුව ජපානයේ විදේශ ඇමති, ෆුමියෝ කිෂිදා (Fumio Kishida) කියා සිටියේ, නැගෙනහිර ආසියාවේ තීරණාත්මක භූමිකාවක නිරත රුසියාව සහ ජපානය ගත් පියවර මගින්, එම කලාපයේ ආරක්ෂාවට සහ සාමයට රුකුලක් ලැබෙන බවයි.

තෝකියෝ පාලනය

රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලව්රොෆ් (Sergei Lavrov) අදහස් දක්වමින් ජපන් - රුසියානු සහයෝගිතාව දැනට තෝකියෝ පාලනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතාවලට බල නොපාන බවයි කියා සිටියේ.

එහෙත් රුසියාවේ ආරක්ෂක ඇමති,සෙර්ගෙයි ශොයිගු ජපන් -ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ වැඩ පිළිවෙල ගැන දොම්නස පළකර තිබුනා.

ආසියාව තුල වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ක්‍රියාත්මක වන රුසියාව වර්ධනය වෙමින් පවතින චීන බලපෑම හමුවේ ජපානයත් සමඟ සබඳතා දියුණු කර ගැනීමට පියවර ගනිමින් ඇති බවයි, වාර්තාකරුවන් පවසන්නේ