තවිෂ ඝාතනයේ සැකකරුවන් බන්ධනාගාරයට

Image caption තවිෂ ඝාතකයන් අල්ලා ගැනීමට උදව් කරන මෙන් මහජනයාගෙන් ඉල්ලා සිටින නියෝජ්‍ය පොලිස් අධිකාරී ලීසා රේ.

තවිෂ ලකිඳු පීරිස් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ලබන පහළොස් වෙනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් ෂෙෆීල්ඩ් මහේස්ත්‍රාත් අධිකරණය අද, සෙනසුරාදා නියෝග කර ඇත.

ෂෙෆීල්ඩ් හලම් සරසවියේ උපාධිධරයකු වන තවිෂ ලකිඳු පීරිස්, පසුගිය ඉරිදා අභිරහස් ආකාරයට පිහියෙන් ඇන මරා දමා තිබුණි.

එම මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණ දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් වන්නේ, විසිපස් හැවිරිදි ශාම්රාෂ් කාන් නැමැත්තෙක්.

අනිත් සැකකරු දාහත් හැවිරිදි යොවුන් තරුණයකු වන අතර, නෛතික හේතූන් මත ඔහුගේ නම ප්‍රකාශයට පත්කරනු නොලැබුණි.