බංග්ලාදේශයේ යුද හමුදා නිලධාරීන් 150 දෙනකුට මරණ දඬුවම

5 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:15 GMT

Image caption බංග්ලාදේශයේ යුද හමුදා නිලධාරීන් 150 දෙනකුට මරණ දඬුවම

දෙදහස් නවයේ බංග්ලාදේශයේ කැරැල්ලක් මෙහෙයවමින් හමුදා උසස් නිලධාරීන් ඇතුළු 74 දෙනකු මරා දැමූ යුද හමුදා නිලධාරීන් 150 දෙනකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරන ලදි.

මෙය බංග්ලාදේශ ඉතිහාසයේ විශාලතම නඩු විභාය ලෙසට සැලකේ.

අටසිය දෙනකු නඩු විභායට ලක් කළ අතර ඉන් තුනෙන් එකක් පමණ නිදහස් කර තිබේ.

එහෙත් යුද අධිකරණයක් මගින් දැනටමත් සිරගත කොට සිටින නිසා ඔවුන්ට නිදහස්ව යාමට අවස්තාව නැත.

ධකා අගනුවරින් ඇරඹි මෙම යුද හමුදා කැරැල්ල රටේ සෙසු ප්‍රදේශවල හමුදා කඳවුරුවලටද පැතිර ගොස් තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හය දහසක් පමණ සිර ගතව සිටිති.