බේජිං නගරයේ පෙනහළු පිළිකා අනතුරක්

Image caption කර්මාන්ත නිසා ඇති වෙන පරිසර දූෂණය මෙන් ම දුම්පානයත් පෙනහළු පිළිකාවලට බලපාන බව.

පසුගිය වසර දහය ඇතුළත බේජිං අගනුවර පෙනහළු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මහා පරිමාණයෙන් වැඩි වී ඇතැයි චීනයෙන් වාර්තා වෙයි.

පරිසර දූෂණය නිසා මහජන සෞඛ්‍යය පිරිහී ඇති බවට මැසිවිලි පළ වෙමින් පවතින අතරයි, එම නිල සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ කෙරුණේ.

මෙයින් අවුරුදු දහයකට පෙර තිබුන තත්වයට සාපේක්‍ෂව පෙනහළු රෝගීන්ගේ සංඛ්‍යාව 50% කින්වත් වැඩි වී ඇති බවයි, බේජිං නිලධාරීන් පවසන්නේ.

වායු දූෂණය හේතුවක් වී ඇතත්,පෙනහළු පිළිකාවලට දුම් පානය ව ප්‍රධාන හේතුව වී ඇති බවත් එම නිලධාරීහු පවසති.

එහෙත් පෙනහළු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මෙතරම් වැඩි වීමට හේතු සම්බන්ධයෙන් චීන බලධාරීන් අදහසක් දක්වා නැත.