‘සචින්’ට භාරත්රත්න සම්මානය

ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව වන සචින් තෙන්ඩුල්කාර් ‘භාරත් රත්න’ සම්මානයෙන් පුදනු ලැබුණි.

ඉන්දීය පිල ජයග්‍රහණය කරමින්, නගරයේ පැවැත්වුන ඉන්දියා - බටහිර ඉන්දීය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයත් සමඟ සචින් තෙන්ඩුල්කාර්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නිම වීමට පැය කීපයක් තිබියදීයි, එම සම්මානය නිවේදනය කෙරුණේ.

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම විශිෂ්ටයන් අතලොස්සට එක් වෙන සචින් තෙන්ඩුල්කාර්, 'භාරත් රත්න’ සම්මානයෙන් පුදන ලද පළමු ක්‍රීඩකයා හැටියට ද ඉතිහාසයට එක් වෙයි.

දැනට හතළිස් වැනි වියේ පසු වෙන සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් ජීවිතයෙන් සමු ගන්නේ, ජාත්‍යන්තර තරඟවල දී ශතක සියයක් සම්පූර්ණ කළ එකම ක්‍රීඩකයා හැටියට වාර්තා පොතට එක් වෙමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර