ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුසියානු යානයක් කඩා වැටීමෙන් 50 දෙනෙකු මරුට

රුසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි සියලුම පිරිස වන පනස් දෙනෙකු මරුමුවට පත් විය.

බෝයින් 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය මොස්කව් නුවරින් ගුවන් ගත කර ඇති අතර කසාන් නගරයේ ගුවන් තොටුපලට ගොඩ බෑමට උත්සාහ කරද්දීයි, අනතුර සිදුවී තිබෙන්නේ.

ඉරිදා අනතුර සිදු වූ අවස්ථාවේ කසාන් ගුවන් තොටුපොළේ ආරක්ෂක මැදිරියේ කැමරා මගින් වීඩියෝගත කරන ලද දර්ශනයි මේ. ගුවන් යානය සිරස් අතට කඩා වැටෙමින් පිපිරී යන ආකාරය එහි සටහන් වී තිබේ.

අනතුරට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති.