Tami Nadu explosion
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කූඩන්කුලම්හි බෝම්බ පිපිරීමක්

තමිල්නාඩු ප්‍රාන්තයේ න්‍යෂ්ඨික බලාගාරයක් අසල සිදු වූ පිපිරීමකින් හය දෙනකු වත් මරණයට පත් වූ බව ඉන්දියානු පොලිසිය පවසයි.

මතභේදයට තුඩු දී තිබෙන කූඩන්කුලම් බලාගාරය අසල සිදු වූ පිපිරීමෙන් තවත් තිදෙනෙකුට තුවාල සිදු වී ඇත.

සිද්ධිය පිළිබඳව පැහැදිළි කරන පොලිස් අධිකාරී විජයේන්ද්‍ර බිදාරි ප්‍රකාශ කළේ,ගමේ බෝම්බ සාදන නිවසක පිපිරීමක් සිදු ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

වසර ගණනාවක් පුරා පැවති විරෝධතාවාදීන්ගේ උද්ඝෝෂණවලින් අනතුරුව කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයේ විදුලිය උත්පාදනය පසු ගිය ඔක්තෝබර් මාසයේයි ආරම්භ කෙරුණේ.

2011වසරෙහි ජපානයේ හටගත් ආකාරයේ න්‍යෂ්ඨික පිපිරීමක් මගින්,කූඩන්කුලම්හිත් බරපතල ව්‍යසනයක් සිදු විය හැකි බවයි,උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ.