මිනීමැරුම් නඩුවෙන් තමිල්නාඩුවේ පූජකතුමා නිදහස්

  • 27 නොවැම්බර් 2013
ශ්‍රී ජයේන්ද්‍ර සරස්වතී පූජක තුමා වසර දහසක් පමණ පැරණි බ්‍රාහ්මණ වංශික නිකායක ප්‍රධානියායි

තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිලක සේවකයකු ඝාතනය කිරීමේ චෝදනාවලින් කෝවිලේ ප්‍රධානී ශ්‍රී ජයේන්ද්‍ර සරස්වතී පූජක තුමා නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

වසර දහසක් පමණ පැරණි බ්‍රාහ්මණ වංශික නිකායක ප්‍රධානියා වන ශ්‍රී ජයේන්ද්‍ර සරස්වතී පූජක තුමා 2004 දී අත් අඩංගුවට ගැනුණේ, ඔහුගේ ආශ්‍රමයේ කළමනාකාරවරයා මරා දැමීමේ චෝදනා මතයි.

කෝවිල පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව කළමනාකාරවරයා පැමිණිලි කිරීමෙන් අනතුරුව, ඔහු මරා දමන මෙන් නියෝග කළ බවට සරස්වතී පූජක තුමා චෝදනා එල්ල විය.

ඔහු ඉන්දියාව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් පුදන පූජකවරයෙක්.

වසර නමයක් මුළුල්ලේ පැවති නඩු විභාගයට එරෙහිව පූජක තුමාගේ අනුගාමිකයෝ උද්ඝෝෂණය කළහ.