චීනය ගුවන් ප්‍රහාරක යානා පිටත් කරයි

china warning plane
Image caption චීනය විසින් ගුවන් ආරක්ෂක කලාපය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඒකපාර්ශ්විකවයි

නැගෙනහිර චීන මුහුදේ ගුවන් ආරක්ෂක කලාපයට ඇතුල් වූ ඇමෙරිකානු සහ ජපාන ප්‍රහාරක යානා සහ ඔත්තු බැලීමේ යානා නිරීක්ෂය කිරීම පිණිස ප්‍රහාරක යානා පිටත් කළ බව චීනය පවසයි.

ඇමෙරිකානු ඔත්තු බැලීමේ යානා දෙකක් මෙන්ම ජපාන ප්‍රහාරක යානා සහ අනතුරු ඇඟවීමේ යානා නැගෙනහිර චීන මුහුදේ සැරිසරනු තමන්ට දක්නට ලැබුන බවයි චීනය පවසන්නේ.

චීනය විසින් ඒකපාර්ශ්විකව ප්‍රකාශයට පත් කරන ලද ගුවන් ආරක්ෂක කලාපයට ඉහලින් සිය යානා පියාසර කරවමින් ඇමෙරිකාව සහ ජපානය ඊට කලිනුත් එම ගුවන් සීමාවට සිය විරෝධය පළ කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර