යුක්රේනයේ කියෙෆ් අගනුවර දිගටම විරෝධතා

  • 1 දෙසැම්බර් 2013
මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය නිකුත් කළ නියෝගයක්ද නොතකා හරිමින්

ජනාධිපති වික්තර් යනුකොවිච්ට සහ යුරෝපා සංගමය සමඟ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටින විරෝධතාවාදීන් සිය ගණනක් යුක්රේනයේ කියෙෆ් අගනුවර නගර සභා ගොඩනැගිල්ලට කඩා වැදුනහ.

'කියෙෆ් අපේ' යනුවෙන් හඬ නගමින්, ගොඩනගිල්ලේ වීදුරු කඩා එහි ඇතුළු වූ උද්ඝෝෂකයෝ, එහි ජනේලයක යුක්රේන ජාතික කොඩිය එස වූහ.

පොලිස් නිලධාරීන් දුසිම් ගණනක් ගොඩනැගිල්ල පිටුපස රැස් වී සිටින බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරුවෙක්, ප්‍රදේශයෙන් දුම් ගඳක් මතු වන බවද ප්‍රකාශ කරයි.

උද්ඝෝෂකයන් සමඟ සිටි විපක්ෂයේ පීතෘ භූමිය පක්ෂයේ නායක අර්සේනි යත්සේනුක්, සිය සටනට සහාය දෙන මෙන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

"මම මේ ආණ්ඩුවයි, ජනාධිපතියි හොඳින්ම දන්නවා. බලයේ රැඳිල ඉන්න ඔවුන් පුළුවන් හැම දෙයක්ම කරාවි. කැරලි මර්ධක පොලිසියයි, හමුදාවයි යොදා ගෙන ඔවුන් ඒක කරන බව දැනටම පෙන්නල දීල තියෙනව," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර