චීන-යුරෝපා වෙළඳ සම්මුතියකට බ්‍රිතාන්‍යයේ සහාය

Image caption රාජ්‍යතාන්ත්‍රිකයකුට වඩා ව්‍යාපාරිකයකු ලෙසින් හැසිරෙන බවට ඩේවිඩ් කැමරන්ට චෝදනා

යුරෝපා සංගමය සහ චීනය අතර නිදහස් වෙළඳ සම්මුතියක් ඇති කර ගැනීමට සිය සහාය හිමි වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් චීන අගමැති ලී කීඉංග්‍ට කියා සිටියේය.

අගමැති කැමරන්, බ්‍රිතාන්‍යයේ විශාලතම වෙළඳ දූත පිරිස සමඟ චීනයේ සංචාරයක යෙදී සිටියි.

ඩේවිඩ් කැමරන් පසුගිය වසරේ තිබ්බතයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා හමු වීමෙන් අනතුරුව චීනය සහ බ්‍රිතාන්‍යය අතර ඉහල මට්ටමේ සම්බන්ධතා බිඳ වැටී තිබුණු අතර, දැන් ඒ තත්වය වෙනස් වී ඇති බවයි මෙම සංචාරය මගින් ඉඟි කෙරෙන්නේ.

චීනය සමඟ ව්‍යාපාරික ගිවිසුම් ගණනාවක් අත්සන් තැබුණු අවස්ථාවට ඩේවිඩ් කැමරන්ද එක් වී සිටිඅතර, තිබ්බතයේ අර්බුදය හෝ චීනයේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව ඔහු සිය සංචාරයේදී කිසිවක් සඳහන් කළේ නැහැ.

රාජ්‍යතාන්ත්‍රිකයකුට වඩා ව්‍යාපාරිකයකු ලෙසින් හැසිරෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ ඔහුට චෝදනා කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර