ඔබාමා කැස්ත්‍රෝට අතට අත දෙයි

Image caption සම්බන්ධතා පිරිහී තිබෙන රාජ්‍යයන් දෙකේ නායකයන් අතට අත දීම ඉතා දුර්ලභ සිදුවීමක්

නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙයේදී සිය දේශණය පැවැත්වීම පිණිස වේදිකාවට යන අතරවාරයේ, ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ නායක රාවුල් කැස්ත්‍රෝට අතට අත දුන්නේය.

අඩ සියවසකට අධික කාලයක් සම්බන්ධතා පිරිහී තිබෙන රාජ්‍යයන් දෙකේ නායකයන් අතට අත දීම ඉතා දුර්ලභ සිදුවීමක්.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් දියත් වූ කියුබානු විප්ලවයෙන් අනතුරුව කියුබාවට එරෙහිව පැන වූ සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය මේ දක්වාම ක්‍රියාත්මක කරයි.

මැන්ඩෙලාගේ අරගලයට සහයෝගය පළ කළ බව පවසන නමුත් තමන්ගේ රටවල අන්ත දරිද්‍රත්වයට සහ අසමානතාවයන්ට අභියෝග කිරීමට අපොහොසත් වූ සහ විරුද්ධ මත නොඉවසූ නායකයන් සිය දේශණයේ දී ජනාධිපති ඔබාමා ගේ විවේචනයට ලක් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර