හිටපු අගමැති වෙජාජීවට මිනීමැරුම් චෝදනා

  • 2013 දෙසැම්බර් 12
Image caption හිටපු අගමැතිවරයා ඔහුට එරෙහි චෝදනා බැහැර ලයි.

තායිලන්තයේ හිටපු අගමැති අභිසිත් වෙජාජීව(Abhisit Vejjajiva) උසාවියට ඉදිරිපත් කෙරුණි.

හිටපු අගමැතිවරයා උසාවියට ඉදිරිපත් කෙරුණේ, ඔහු බලයේ සිටිය දී යුද හමුදාව යොදවමින් සිදු කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කොට නඩු පැවරීම සඳහායි.

තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වන තක්ෂින් සිනවත්ගේ ආධාර කරුවන් මෙයින් වසර තුනකට පෙර බැංකොක් අගනුවර විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි අතර ඔවුන්ගෙන් බහුතරය නිරායුධවයි සිටියේ.

නිරායුධ විරෝධතාවාදීන්

එම විරෝධතාවාදීන් විසුරුවා හරිනු ලැබීම සඳහා තායිලන්ත යුද හමුදාව සිදු කළ වෙඩි තැබීමේදී අනූවකට අධික මහජන ජීවිත විනාශයක් වාර්තා වුණි.

එම ප්‍රහාරයේදී මාරක අවි ආයුධ පාවිච්චි කිරීම සඳහා එවකට අගමැති අභිසිත් වෙජාජීව යුද හමුදාවට බලය දී තිබුණි.

එහෙත් හිටපු අගමැතිවරයා කියා සිටින්නේ, තමා කිසිදු වරදක් සිදු කර නැති බවයි.

තක්ෂින් සිනවත් ගේ සොහොයුරිය වන යින්ග්ලුක් සිනවත්ගේ පාලනය පෙරලා දැමීමට යත්න දරන තායිලන්ත විපක්ෂයේ නායකයන් අතරට අභිසිත් වෙජාජීව ද එක් වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර