ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉරානයෙන් වඳුරෙක් ගුවනට

වඳුරකු අභ්‍යවකාශයට යැවීමේ සිය සැලසුම ඉතා සාර්ථකව නිම වූ බව ඉරානය නිවේදනය කරයි.

මිනිසකු සහිත යානයක් අභ්‍යවකාශ ගත කරනු ලැබීමේ සැලසුම ක්‍රියාවට නැංවීමට පෙර, එවැනි පියවරක් ගනු ලැබුණ දෙවැනි අවස්ථාව මෙය බවයි,ඉරානය කියා සිටින්නේ.

‘ෆර්ගම්’(Fargam)යනුවෙන් නම් කෙරුණ වඳුරා ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යළි පෘථිවියට ලඟා වූ බවයි,ඉරාන් ජනාධිපති හසන් රොහානි (Hassan Rouhani) ප්‍රකාශ කළේ.

ජනාධිපති හසන් රොහානි පවසන ආකාරයට වඳුරා අභ්‍යවකාශ ගත කෙරුණේ, දියර ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන රොකට් යානයකින්.

ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ චාරිකා සඳහා දියර ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන රොකට් යානයක් යොදා ගත් පළමු අවස්ථාව මෙයයි.

ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ සැලසුම් දුර ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික්(ballistic) මිසයිල නිපදවීමට යොදා ගනු ඇතැයි සලකන බටහිර ලෝකය, එම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.