බංග්ලාදේශයේ පොලිසිය සහ විරෝධතාවාදීන් අතර ගැටුම්

Image caption විරෝධතාවාදීන් අත් බෝම්බ සහ ආයුධවලින් පහර දුන් බව පොලිසිය පවසයි

ඉස්ලාමීය පක්ෂ නායකයකු පසුගිය සතියේ එල්ලා මරා දමනු ලැබීමෙන් අනතුරුව පැතිර යමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තවත් පස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව බංග්ලාදේශ බලධාරීහු පවසති.

ඉස්ලාමීය විරෝධතාවාදීන් පොලිසියට අත් බෝම්බ සහ ආයුධවලින් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බවයි, බලධාරීන් පවසන්නේ.

1971 බංග්ලාදේශ නිදහස් සටනේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වූ ජමාට්-ඉ-ඉස්ලාමි පක්ෂයේ නායකයකු වන අබ්දුල් කාදර් මොල්ලා පසුගිය බ්‍රහස්පතින්දා එල්ලා මරා දමනු ලැබීමෙන් අනතුරුව බංග්ලාදේශය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තිස් දෙනකුට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර