ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා මැඩම් තුසෝඩ් කෞතුකාගාරයට

2013 දෙසැම්බර් 19 අවසාන වරට යාවත්කාලීන කළේ 18:22 GMT

ඉටියෙන් නිම වූ පිළිම ප්‍රදර්ශනය කෙරෙන ලන්ඩන් නගරයේ මැඩම් තුසෝඩ් කෞතුකාගාරයට ජාත්‍යන්තර සිනමා තාරකා යුවළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලි යළි එක්ව සිටිති.

ඉටියෙන් නිම වූ පිළිම ප්‍රදර්ශනය කෙරෙන ලන්ඩන් නගරයේ මැඩම් තුසෝඩ් කෞතුකාගාරයට ඔවුන්ගේ අලුත් පිළිම එක් කෙරුනේ බ්‍රැඩ් පිට් ගේ පනස් වන ජන්ම දිනයේ.

සිනමාවේදීන් යුවළගේ පිළිම මෙයින් අවුරුදු අටකට පෙර මැඩම් තුසෝඩ් කෞතුකාගාරයට එක් කරනු ලැබ තිබුනත්,එම පිළිමවල සහ අද ඔවුන්ගේ පෙනුම අතර වෙනසක් නොපෙනෙන බවයි මැඩම් තුසෝඩ් හි පිළිම අඹන ස්ටීවන් මෑන්ස්ෆීල්ඩ් පවසාන්නේ.

“බ්‍රැඩ් පිට් තවමත් ඒ වගෙයි. ඔහු තවමත් හරිම කඩවසම්. ඒත් ඔහුගේ මුහුණේ රැලි කීපයක් නම් පේනවා.”

ස්ටීවන් මෑන්ස්ෆීල්ඩ් පවසයි.