තානාපති නිලධාරිනිය ගෙන්වා ගන්නවා - ඉන්දියාව

Image caption වීසා විධිවිධාන උල්ලංඝනය කළ බවට තානාපති නිලධාරිනියට චෝදනා

නිවුයෝක් නුවරදී පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන ඇඳුම් ගලවා පරීක්ෂා කරන ලද රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය යලි සිය රට ගෙන්වා ගන්නා බව ඉන්දීය බලධාරීහු අවධාරණය කරති.

ඇයට සලකන ලද ආකාරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ඉන්දියාවේ ජනතා කෝපය උත්සන්න වෙමින් තිබියදීයි, ආණ්ඩුව එම ප්‍රකාශය කළේ.

නිවුයෝක් නුවර නියෝජ්‍ය කොන්සල් ජනරාල් දිව්‍යානි කෝබ්‍රාගාඩේ වහාම යලි සිය රට ගෙන්වා ගැනීම සිය වගකීම බව විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

වීසා විධිවිධාන උල්ලංඝනය කළ බවට සහ සිය නිවසේ මෙහෙකාරියට නිසි වැටුප් නොගෙවූ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව, දිව්‍යානි කෝබ්‍රාගාඩේ අත් අඩංගුවට ගත් එක්සත් ජනපද බලධාරීහු ඇය සිර කූඩුවක රඳවා තැබූහ.

මේ සිදුවීම ඉන්දියාව සමඟ පවතින පුළුල් සම්බන්ධතාවලට බලපෑමක් කළ යුතු නැතැයි පවසමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එය එතරම් වැදගත් සිදුවීමක් නොවන බව හුවා දැක්වීමේ උත්සාහයක යෙදින.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර