ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොබ් මාලිගේ ගීතයකට රඟන ටොරොන්ටෝ නගරාධිපති

කන්සා භාවිත කිරීම ගැන බොහෝ විවේචන එල්ල වුනත්, ටොරොන්ටෝවේ නගරාධිපති රොබ් ෆෝර්ඩ්ට තවමත් නර්තනය අමතක වී නැහැ.

විවාදයට තුඩු දුන් චරිතයක් වන නගරාධිපතිවරයා නගර සභාවේ රැස්වීමක් පැවැත්වෙන අතරතුර බොබ් මාලිගේ ගීතයකට නර්තනයේ යෙදෙන අයුරු වීඩියෝ පටයක සටහන් වී තිබිණ.

මතභේදයට තුඩු දුන් හැසිරීම් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ප්‍රසිද්ධියේ පිළිගැනීමත් හේතුවෙන් පදවියෙන් ඉල්ලා අස් වන ලෙස දිගින් දිගටම එල්ල වන බලපෑම් ඔහු ප්‍රතික්ෂේප කරමිනුයි සිටින්නේ.

ටොරොන්ටෝ නගර සභාව විසින් ඔහුගේ බොහෝ බලතල කප්පාදු කොට තිබුණත්, ලබන වසරේත් මැතිවරණයට ඉදිරිපත් වන බව රොබ් ෆෝර්ඩ් අවධාරණය කරයි.