Japan talking robot
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කතා කරන පළමු රොබෝ මිනිසා ගුවනේ

කතා කරන පළමු රොබෝ මිනිසා අභ්‍යවකාශයට යැවූ බව ජපානය පවසයි.

‘කිරෝබෝ’ (Kirobo) යනුවෙන් නම් තබනු ලැබ ඇති එම රොබෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ජපන් ජාතික ගගනගාමී කොඉචි වකාටා(Koichi Wakata) සමඟ සංවාදයේ යෙදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කරනු ලැබ ඇත.

ඔහුගේ එම සංවාද කලින් සූදානම් කරන ලද ඒවා නොවන බවයි, රොබෝ මිනිසාගේ නිර්මාතෘවරුන් පවසන්නේ.

තම රොබෝ මිනිසා සැලසුම් කරනු ලැබ තිබෙන්නේ,මිනිසුන් මෙන් ප්‍රතිචාරය දැක්වීමට සහ ක්‍රියාත්මක වීම තුලින් ඔහු දැනුමක් ලබන ආකාරයට යයි එම නිර්මාතෘවරු කියා සිටිති.

‘කිරෝබෝ’ සහ එවැනි රොබෝ යන්ත්‍රවලට ලොකු අනාගතයක් ඇතැයි පවසන සැලසුම්කරුවෝ දීර්ඝ අභ්‍යවකාශ චාරිකා වලට පමණක් නොව මිහිතලයේ හුදෙකලාව වෙසෙන මිනිසුන්ටත් ඔවුන් සගයන් කර ගත හැකි වනු ඇතැයි ද පවසති.