තායිලන්ත යුද හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

දැනට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආකාරයට ලබන පෙබරවාරි මාසයේ මහ මැතිවරණය කැඳවනු ලැබුනොත් රට සිවිල් යුද්ධයකට ඇද වැටිය හැකි බවට තායිලන්ත යුද හමුදාපති ජනරාල්,ප්‍රයුත් චනොචා(General Prayuth Chan-ocha) අනතුරු ඇඟවීමක් කරයි.

දේශපාලනයට මැදිහත් වීමේ ඉතිහාසයක් සහිත තායිලන්ත යුද හමුදාව දැනට රට තුළ උද්ගත ව පවතින අලුත් ම පාලන අර්බුදයේ දී තවමත් පසු වන්නේ ඊට ඇඟිලි ගැසීමකින් තොරවයි.

නව මහ මැතිවරණය

තායිලන්ත අගමැතිනි යින්ග්ලුක් සිනවත් සහ ඇයට පදවියෙන් ඉවත් වෙන මෙන් බලපෑම් කරන විරෝධතාවාදීන් අතරයි, දැනට දේශපාලන ගැටුම පවතින්නේ.

තමාට එරෙහිව පැතිර යමින් තිබුණ සති කීපයක විරෝධතා ව්‍යාපාරයකින් පසුවයි, අගමැතිවරිය නව මහ මැතිවරණයක් කැඳවීමට පියවර ගත්තේ.

පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කෙරෙන තෙක්,ඡන්දයෙන් පත් නොවූ මහජන මණ්ඩලයක් විසින් රට ආණ්ඩු කිරීම තායිලන්ත විපක්ෂයේ උවමනාවයි.

මේ අතර ප්‍රකාශයක් කරන තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදීන් කියා සිටින්නේ ලබන පෙබරවාරි මහ මැතිවරණය වර්ජනය කරන බවයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර