ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුසියානු පොදු සමාවෙන් සංගීත වේදිනියන් නිදහස්

23 දෙසැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 15:59 GMT

‘පුසි රයට්' රුසියානු පන්ක් සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් සියලු දෙනා නිදහස් කොට යවා තිබේ.

නිදහසට මුල් වූ පොදු සමාව හඳුන්වනු ලැබුයේ ක්‍රෙම්ලිනයේ මහජන සබඳතා විජ්ජාවක් ලෙසින්.

ශිල්පිනියන් තිදෙනකු පාදඩ චෝදනා නගා සිර ගත කරනු ලැබුවේ වසර එකහමාරකට ඉහතදී මොස්කව් නුවර ප්‍රධාන ආසන දෙව් මැදුරේ විරෝධතා ප්‍රසංගයක් පැවැත්වීමෙන් අනතුරුව.

නිදහස ලබා පිටව ගිය අන්තිම තැනැත්තිය නඩේෂ්ඩා තොලොකොන්නිකෝවා (Nadezhda Tolokonnikova) සඳුදා මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ මානව හිමිකම් කටයුතු වෙනුවෙන් තම කාලය කැප කරන බවයි.

‘ඒකාධිකාරිත්වයේ යන්ත්‍රය’

මානව හිමිකම් කටයුතු කිරීම දැන් පෙරට වඩා පහසු වී තිබෙන බවයි ඇය පවසන්නේ .

රට ගැනත් එය පාලනය කරන ‘ඒකාධිකාරිත්වයේ යන්ත්‍රය’ ගැනත් බන්ධනාගාරය තුලදී ඇතුලතින් දැක ගත් බව ඇය පැවසුවාය.

"හිරගෙවල් කියන්නේ මේ රටේ මුහුණුවර".

වාර්තාකරුවන් පවසන්නේ සෝචි හි පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් තරගාවලියට පෙර ජාත්‍යන්තර විවේචන සමහන් කර ගැනීම ජනාධිපති පුතින් උනන්දු බවයි.