ජැක් කලීස් සමු ගනියි

තුන් ඉරියව්වෙන් සපන් කම් පෑ ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනා අතර සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජැක් කලීස් ටෙස්ට් සහ පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ප්‍රකාශයට පත් කෙරිණ.

හෙට බ්‍රහස්පතින්දා ඉන්දියාවත් සමඟ ආරම්භ කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ජැක් කලීස් පවසන්නේ.

කේප් ටවුන්හි උපත ලද තිස් අට හැවිරිදි, ජැක්ස් හෙන්රි කලීස් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි.

මංගල ටෙස්ට් තරඟය

කලීස් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ආරම්භ වන්නේ,1995 දී එංගලන්තය සමඟ සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වෙමින්.

ටෙස්ට් තරඟ වලදී මේ වන විට ලකුණු 13174 ක් ලබා සිටින කලීස්, කඩුළු 292 ක් බිඳ හෙළා තිබෙනවා.

1996 දී සිය පළමු ජාත්‍යන්තර එක්දින තරඟයට සහභාගී වෙන ජැක් කලීස් එක දින තරඟ 325 කදී ළකුණු 11574 ක් වාර්තා කොට ඇත.

අයි.පී.එල් ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයකු වන ජැක කලීස්, ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ සහ ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ ක්‍රීඩා සමාජ නියෝජනය කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර