දිල්ලියේ නව මහ ඇමති දිවුරුම් දෙයි

Aravind Kejiriwal
Image caption ඉන්දියානු දේශපාලනයේ වරප්‍රසාද සංස්කෘතිය නවතා දමන බව ඔහු කියයි

දිල්ලියේ මහ ඇමති ලෙස පත්වූ ඉන්දියාවේ දුෂණ විරෝධී ක්‍රියා ධරයෙක් වන අරවින්ද් කෙජ්රිවාල් තම ප්‍රථම කැබිනට් රැස්වීමෙහි මුලසුන හෙබවූවේය.

මේ මස මුලදී පැවති දිල්ලි මැතිවරණයේදී කෙජ්රිවාල් ගේ පොදුජන පක්ෂය ප්‍රබල ව ඉස්මතු වුයේ රජයක් පිහිටුවීමේ අවස්ථාව ඔහුට උදා කරමිනි.

නගරයේ මහජන උද්‍යානයක පැවති කෙජ්රිවාල් ගේ ප්‍රසිද්ධ දිවුරුම් දීමේ උත්සවයට ඔහුට සහයෝගය පළකරන්නන් දස දහස් ගණනක් එක්වූහ.

හිටපු රාජ්‍ය නිලධාරියෙක් වන ඔහු නගර පාලන අධිකාරය පිරිසිදු කොට ඉන්දියානු දේශපාලනයේ පවතින වරප්‍රසාද ලබා දීමේ සංස්කෘතිය නවතා දැමීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇත.

සම්ප්‍රදායට පටහැණිව යමින් ඔහු තම ආරම්භක රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණියේ පොදු ප්‍රවාහන සේවාව උපයෝගී කරගෙන ය.