සිරියාව: ගුවන් ප්‍රහාරවලින් '500 ක් මිය ගිහින්'

Image caption අලෙප්පෝ ගුවන් ප්‍රහාරවලින් 'සති දෙකක් තුල 517 දෙනකු මිය ගිහින්'

පසුගිය සති දෙක ඇතුලත බැරල් බෝම්බ යොදා ගෙන අලෙප්පෝ නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පන් සියයකට අධික පිරිසක් මරුමුවට පත් වී ඇතැයි සිරියානු ක්‍රියාධරයෝ පවසති.

බ්‍රිතාන්‍යය මූලස්ථාන කොට ගත් මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ කමිටුව පවසන්නේ සෙනසුරාදා කඩපොලකට එල්ල වූ ප්‍රහාරයකින් විසි පස් දෙනකු මරුමුවට පත් වූ බවයි.

මේ අනුව ගුවන් ප්‍රහාරවලින් මේ වන විට පන් සිය දාහත් දෙනකු මරුමුවට පත් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

දරුවන් එක සිය පනහකට ආසන්න පිරිසක් මිය ගිය පිරිස අතර සිටින බවද එම සංවිධානය ප්‍රකාශ කරයි.

සිරියානු අර්බුදය පිළිබඳ ජාත්‍යන්තර සාම සමුළුව ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි.