ගිනිගත් ඇඟලුම් කම්හලේ බලධාරීන් ඇල්ලීමට නියෝග

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් විනාශයට පත් වූ බංගලාදේශයේ ඇඟලුම් කම්හලේ අයිතිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් නියෝග දී තිබේ.

එම ගින්නට ගොදුරු වී සියයකට අධික සේවක පිරිසක් මිය ගිය අතර කම්හලේ අයිති කරුවන් දෙදෙනා සහ නිලධාරීන් හතර දෙනෙකු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඇතුළු දහතුන් දෙනෙකුට නොසැලකිලිමත් කම මත මරණ සිදු කිරීමේ චෝදනා එල්ල වී තිබේ.

ඩකා අගනුවරට නුදුරින් පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිමැවෙන ඇඟලුම් යවනු ලැබුවේ බටහිර රටවල ප්‍රධාන පෙළේ වෙළඳ සමාගම් වලටයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී ඩකා නුවර පිහිටි රානා ප්ලාසා නම් වූ ඇඟලුම් කර්මාන්ත ශාලාව ද කඩා වැටුණු අතර එහි දී දහසකට අධික සේවක පිරිසක් මරණයට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර